හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එදා ධුරයෙන් ඉවත් වුණේ කිසිම කෙනෙක්ට වෙඩිල්ලක් පත්තුකරන්නේ නැතිව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (03) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මෙසේ කියා සිටියා “එදා කියපු හුඟාක් පොරොන්දු ක්‍රියාත්මක කරලා නැහැ මේ රටේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ කියපු දේවල් කළා. අට සමත් පිරිස ගන්නවා කිව්වා, අද තිස් පන්දාසක් ස්ථීර රැකියාවේ රාජ්‍ය සේවයේ සිටිනවා. එදා සිටිය සියලුම උපාධිදාරින් ගන්නවා කිව්වා එලෙසම ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ට රැකියා ලබාදුන්නා. නමුත් එතුමාට සිදුවුණේ කොවිඩ් අර්බුදයත්, එතුමාට විරුද්ධව ජාත්‍යන්තර ඩයස්පෝරාවේ ඇති කරපු කුමණ්ත්‍රනයට මුහුණදීමට. නමුත් එතුමා එදා කිසිම කෙනෙක්ට වෙඩිල්ලක් පත්තුකරන්නේ නැතිව ඉල්ලා අස්වූ එකම නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. එතුමාට වුවමනා වුනේ නැහැ තනතුර ආරක්ෂා කරගන්න දහස් ගණනකගේ ජිවිත නැති කරන්න. නමුත් 71 කැරැල්ල අවස්ථාවේදී හැටදහසක තරුණයෝ නැති වුණා. ජනතා විමුක්ති පෙරමුණ තරණයෝ දාහස් ගණනක් මරලා දැම්මා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැරැල්ලක් පැමිණි විට කිසි විටකත් මනුෂ්‍ය ඝාතනයක් කරන්න වුවමනා වුණේ නැහැ. තමන්ගේ පියාගෙයි, මවගෙයි පිළිරුව කැඩුව, නමුත් කිසිම කෙනෙක්ට ඊට විරුද්ධව ක්‍රියා කළේ නැහැ. එහෙම නායකයෝ බොහෝම අඩුයි. මේ කැරලි ඇතිකරන පිරිසට දඩුවම් කරන්න ඕන. අපි රනිල් වික්‍රමසිංහගෙනුත් එය ඉල්ලුවා. එය සිදුවුණේ නැහැ. ඒ නිසා නාමල් රාජපක්ෂ බොහෝම එඩිතර පියවරක් අරගෙන තිබෙනවා මෙවැනි දෙයක් ඉදිරියට සිදුනොවෙන්න අවශ්‍ය කටයුතු සියල්ල කරනවා කියලා . ” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ වැඩිදුරටත් කියා සිටියා.

source :- https://shorturl.at/egxwW

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here