1997 දී ඛේදජනක රිය අනතුරකින් මියගිය ඩයනා කුමරිය, අට හැවිරිදි ඔස්ට්‍රේලියානු පිරිමි ළමයෙකු වන බිලී කැම්බල් ලෙස පුනරුප්පත්තිය ලබා ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මෙම පුනරුප්පත්තිය පිළිබඳව තොරතුරු පවසන පිරිමි ළමයා ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් වන අතර ඔහු සුප්‍රසිද්ධ ගායකයෙකු, නළුවෙකු සහ රූපවාහිනී සත්කාරක ඩේවිඩ් කැම්බල්ගේ පුත්‍රයායි.

බිලීට යන්තම් වයස අවුරුදු දෙකේදී, ඔහු ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය බව අවධාරනය කරමින් අසාමාන්‍ය ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබෙනවා.

ඔහුගේ ප්‍රකාශයන් බොහෝ දෙනා මවිතයට පත් කර ඇති අතර විශේෂයෙන් ඔහු ඩයනාගේ ජීවිතය පිළිබඳ නිශ්චිත තොරතුරු බෙදාගෙන ඇති අතර එය ඔහුගේ වයසේ දරුවෙකුට එම තොරතුරු දැන ගැනීමට අපහසු බවයි විදෙස් මාධ්‍ය පවසා සිටින්නේ.

බිලීගේ දෙමව්පියන් වන ඩේවිඩ් සහ ලීසා කැම්බල්, ඔවුන්ගේ පුතා ඩයනාට සම්බන්ධ සිදුවීම් සහ ස්ථාන ගැන කතා කිරීමට පටන් ගත් විට මුලදී පුදුමයට පත්ව තිබෙනවා.

ඩයනාගේ ජීවිතය ගැන ඔහු සපයන විස්තර අනුව බිලීගේ ප්‍රකාශයන් වඩාත් කැපී පෙනෙන අතර නිදසුනක් වශයෙන්, ඔහු බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ස්කොට්ලන්ත වාසස්ථානය වන Balmoral Castle පිළිබඳ ආකර්ෂණීය දැනුමක් විස්තර කරන අතර, එය ඔහුගේ දෙමාපියන්ද මවිතයට පත්කළ කරුණක්.

එමෙන්ම 1997 අගෝස්තු 31 වන දින පැරිසියේදී ඩයනාගේ ජීවිතය බිලිගත් රිය අනතුර පිළිබඳවද බිලීගේ විස්තරයද ඉතාමත් නිවැරදි බවයි විදෙස් මාධ්‍ය පවසා සිටින්නේ.

එමෙන්ම මෙම කුඩා පිරිමි දරුවාට, ඩයනාගේ පින්තූරයක් පෙන්වූ විට, “ඒ මම කුමරියක් ලෙස” යැයි පවසන බවද සඳහන්.

“එවිට එක් දිනක්, සයිරන් හඬක් ඇසුණු අතර, මම තවදුරටත් කුමරියක් නොවෙමි.” පැරිසියේදී ඩයනාගේ ඛේදනීය අවසානය පිළිබඳව මෙම පිරිමි ළමයා සවිස්තරාත්මකව විස්තර කරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

වත්මන් බ්‍රිතාන්‍ය III චාල්ස් රජුගේ ආදරණීය පළමු බිරිඳ සහ විලියම් සහ හැරී කුමරුන්ගේ මව වන ඩයනා කුමරිය වයස අවුරුදු 36 දී දරුණු රිය අනතුරකින් ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්වුණා.

ඇය 1997 අගෝස්තු 31 වන දින පැරීසියේදී ජීවිතක්ෂයට පත් වූ අතර ඇය සමඟ ඇගේ සගයා වූ ඩොඩි ෆයිඩ් සහ ඔවුන්ගේ රියදුරු හෙන්රි පෝල් ද මාරක අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණා

source :- https://shorturl.at/a6kHp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here