ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්න මතුවීමත් සමඟ දකුණු අප්‍රිකාවේදී තමාට අහිමි වුණු රූ රැජින කිරුළ නයිජීරියාවේදී දිනාගැනීමට Chidimma Adetshina සමත්ව තිබෙනවා.

ඒ අනුව ලාගෝස් හි පැවති තරගයේදී නයිජීරියානු රූ රැජින වූ 23 හැවිරිදි ඇඩෙට්ෂිනා, නොවැම්බර් මාසයේ මෙක්සිකෝවේ පැවැත්වෙන විශ්ව රූ රැජින තරගයට නයිජීරියාව නියෝජනය කරනු ඇති.

පසුගිය මාසයේදී ඇයට විවිධ වූ මතභේද හමුවේ සිය දකුණු අප්‍රිකානු රූ රැජින සිහිනය සැබෑ කරගැනීමට නොහැකි වුණා. පසුව ඇය නයිජීරියානු තරගයට සහභාගී වීමට ලැබී තිබුණු ආරාධනය පිළිගත් බවයි වාර්තා වුණේ.

ඇඩෙට්ෂිනා, නයිජීරියානු පියෙකුට සහ මොසැම්බිකානු මූලයන් සහිත දකුණු අප්‍රිකානු මවකට දාව උපත ලද තරුණියක් වනවා.

එම හේතුවෙන් ඇයට බොහෝ දකුණු අප්‍රිකානුවන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ තරගයෙන් ඉවත්වීමට සිදුව තිබුණා.

අනතුරුව මිස් යුනිවර්ස් හි නයිජීරියානු සංවිධායකයින් සඳහන් කර තිබුණේ ඇඩෙට්ෂිනා හට “ඇගේ පියාගේ උපන් බිම, ජාත්‍යන්තර වේදිකාවක් නියෝජනය කිරීමට හොඳ අවස්ථාවක්” වන බවයි. ඒ ඇයගේ දක්ෂතාවන් ද අගය කරමින් වීම සුවිශේෂය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු බලධාරීන් සඳහන් කර ඇත්තේ, 2001 දී දකුණු අප්‍රිකානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඇගේ මව අනන්‍යතා වංචාවක් සිදු කර ඇති බව තහවුරුව ඇති නිසාවෙන් ඇඩෙට්ෂිනාගේ පුරවැසිභාවය ගැටළුකාරීව ඇති බවයි.

source :- https://shorturl.at/FNZyp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here