ගාසාහි හමාස් ප්‍රාණඇපයේ සිටි පිරිස් නිරුපද්‍රිතව මුදාගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු එරට ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

ඔහු මේ බව පැවසුවේ ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ මෘතදේහ රෆා හි භූගත උමඟකින් හමුවීමෙන් අනතුරුව ඊශ්‍රායල ජනතාව රජයට එරෙහිව ආරම්භ කළ දැවැන්ත විරෝධතාවන්ට ප්‍රතිචාර දක්වමිනි.

මහජන විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින අතර, ඊශ්‍රායලයේ ප්‍රධානතම වෘත්තිය සමිතිය ජාතික මට්ටමේ වැඩවර්ජනයක් ද ආරම්භ කර තිබේ.

ඊට සමගාමීව ඊශ්‍රායලය වෙත අවි අලෙවිය අත්හිටුවීමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇත්තේ, ඊශ්‍රායල හමුදා ගාසාහි සිදුකරන බවට පැවසෙන මානුෂීය අපරාධවලට විරෝධය දක්වමිනි.

source :- https://shorturl.at/FSYwU

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here