
අභ්‍යන්තර වාර්තාවන්ට අනුව Huawei විසින් දෙවරක් නැමිය හැකි ලොව පළමු ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. එලෙසම ඔවුන් සිය නව විදුලි වාහනයද එදින එලිදැකිවීමට නියමිත බවද තව දුරටත් සඳහන්.
මෙම නව දුරකථනය “ට්‍රයිෆෝල්ඩ්” ලෙස හැඳින්විය හැකි අතර එය දෙවරක් නැමීමට ඉඩ සලසන සරනේරු දෙකක් ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙය සාක්කුවේ දැමිය හැකි ටැබ්ලට් වර්ගයේ පරිගනයක් ලෙස හදුන්වාදිය හැකි අතර Richard Yu පවසන්නේ අවුරුදු 5ක් තිස්සේ මෙය ක්‍රමයෙන් වැඩි දියුණු කරමින් පැමිණ ඇති බවයි.
ඇපල් සමාගම විසින් iPhone 16 එලිදැක්වීමෙන් පැය කිහිපයකට පසුව Huawei සමාගම විසින් මෙම නිශ්පාදාන ඉදිරිපත් කිරීම, සෘජුවම ඇපල් සමාගමට තරගයක් දීම සඳහා වන බවයි විචාරකයන් පවසන්නේ.
Huawei විසින් සිය Mate 60 දුරකථන මාලාව මගින් චීන වෙළඳපොලේ ප්‍රබල පුනරාගමනයක් සිදුකල අතර එමගින් රටේ හොඳම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයින් පස් දෙනාගෙන් ඇපල් ඉවතට තල්ලු කිරීමටද සමත්වුණා.
තවද Huawei විසින් එහි Aito M9 නම් විදුළි වාහනයේ නව අනුවාදයක් ද මෙම උලෙලෙදී එලිදැක්විය හැකි අතර, ආසන හයක් වෙනුවට එහි ආසන පහක ඇතුළත් වේ. මෙම SUV රථය Huawei සහ Seres මෝටර් රථ සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක්.
ට්‍රයිෆෝල්ඩ් ස්මාර්ට් ජංගම දුරකථනය සහ Aito M9 වැනි නව නිෂ්පාදන දියත් කිරීම මගින් Huawei ස්මාර්ට්ෆෝන් සහ විද්‍යුත් වාහන වෙළඳපල යන දෙකෙහිම තම ස්ථානය ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.








