ජර්මනියේ සොලින්ජන් නම් නගරයේ උත්සවයක් අතරතුර සිදුකළ පිහි ඇනුමකින් තිදෙනෙක් මියගොස් තවත් සිව් දෙනෙක් බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා පවසන්නේ පිහි ඇනුම සිදුකළ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 40ක් යොදවා ඇති බව එම වාර්තාවල සඳහන්.

එම නගරය ස්ථාපනය කර වසර 630ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවය අතරතුර එම ප්‍රහාරය එල්ලකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here