නිමාවූ LPL තරඟාවලිය අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධ චෝදනාවලට අදාළව පරීක්ෂණයක් සඳහා නිරෝශන් දික්වැල්ල ඊයේ ( 23 ) ජාතික ක්‍රීඩා විනය කමිටුව හමුවේ පෙනී සිටියේය.

දික්වැල්ල එහිදී පැය එකහමාරකට අධික කාලයක් එම කමිටුව ඉදිරියේ ප්‍රකාශයක් ලබා දී ඇති අතර තමා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට නිරෝශන් දික්වැල්ල එහිදී පිළිගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.

ඒ අනුව නිරෝශන් දික්වැල්ලට එරෙහිව පනවන දඬුවම පිළිබඳව ඉදිරියේදි දැනුම්දීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විටත් ඔහුට සියලු ආකාරයේ ක්‍රිකට් තරග සඳහා තහනමක් පනවා ඇත.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ අවශ්‍ය නම් නිරෝෂන් දික්වැල්ලට වසර හතරක තරග තහනමක් පැනවීමේ හැකියාවක් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here