
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය අදයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා අද සියලුදෙනා දැවී ලකුණු 326ක් රැස් කළ අතර ඒ අනුව එංගලන්තයට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 205කි.
එහි දී කමිඳු මෙන්ඩිස් ලකුණු 113ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 79 සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 65ක් ලබාගත්තා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් සහ මැතිව් පොට්ස් කඩුලු තුන බැගින් බිඳහෙළීමටයි සමත් වුණේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 122ක් පිටුපසින් සිටිමින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 236ක්.
එහි දී ධනංජය ද සිල්වා ලකුණු 74ක් සහ මිලාන් රත්නායක ලකුණු 72ක් ලබාගත්තා.
පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් සහ ෂොයිබ් බෂීර් කඩුලු තුන බැගින් දවාගැනීමටයි සමත් වුණේ.
අනතුරුව සිය පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 358ක්.
එහි දී ජෙමී ස්මිත් ලකුණු 111ක් ලබාගත්තා.
පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් බිඳහෙළීමටයි සමත් වුණේ.
එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 122ක් පිටුපසින් සිට තම දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 326ක්.








