යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර ඇති බවට පළවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා පැවසීය.

මෙතෙක් යාවත්කාලීන නොකළ මිලියන දෙකකට ආසන්න රියදුරු බලපත්‍රලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කී ලේකම්වරයා එම කටයුතු මෙම වසර අවසන් වීමට පෙර සිදුකරන බව කීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here