සියලු රාජ්‍ය සේවකයින්ගේ දීමනා සහිත අවම වැටුප රුපියල් 57,500 දක්වා දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් ඊයේ(23) පස්වරුවේ වරකාපොල නගරයේදී පැවැත්වුණා.

එම් ජන රැළිය අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

මේ අතර 2025 ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයන් සඳහා පහළ ශ්‍රේණිවලට 24% සිට ද, ඉහළ තනතුරු සඳහා 24% සිට 50%+ දක්වා ද මූලික වැටුප් වැඩි කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළේය.

එහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ පවතින උද්ධමනය හා ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන සියළුම රාජ්‍ය සේවකයින් සඳහා 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 25,000.00ක් දක්වා ඉහළ නැංවීමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here