ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවෙකු හා තවත් සැකකරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ දෙහිවල කවුඩාන ප්‍රදේශයේදීය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නමැත්තෙකි.

මේ අතර අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් කතරගම දක්වා රැගෙන ගිය සැකකරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක් උණ්ඩ 125ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක්ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීම මත එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here