යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙක් මියගොස් තවත් තිදෙනෙකුට බරපතළ තුවලා සිදුවී තිබේ.

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බලප්‍රදේශයට අයත් පැල්වත්ත ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ මෙන්ම පාපැදියේද දෙදෙනෙකු සිට ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් වයස අවුරුදු 23ක තරුණයෙකි.

තුවාලකරුවන් කඩිනමින් බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අතරින් අසාද්‍ය තත්ත්වයෙන් පසුවූ පාපැදියේ ගමන් කළ දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබේ.

අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here