පාසල් සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කතරගම ප්‍රදේශයේ
විදුහල්පතිවරයෙක් කතරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සිසුන් දෙදෙනා ක්‍රීඩා කටයුතු සඳහා පාසලට පැමිණි අවස්ථාවේ ආහාර ගැනීමට වෙන්කර ඇති කාමරය තුලදී ලිංගික අපයෝජනය සිදුකර ඇතැයි පොලිසිය පැවසීය.

මෙලෙස අපයෝජනයට ලක් කර ඇත්තේ එම විදුහලේ 8 සහ 9 වසර වල ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකි.

එක් සිසුවෙකුට 2021 වසරේ සිටත් අනෙක් සිසුවාට 2023 වසරේ සිටත් විදුහල්පතිවරයා ලිංගික අපයෝජනයක් සිදුකල බවට ඔවුන් ඊයේ (22) කතරගම පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් සැකපිට 49 හැවිරිදි විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.(source – newsi)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here