අසත්‍ය මඩ ප්‍රචාර බෙදාහැරීම සම්බන්ධයෙන් චරිත හේරත්, තිස්ස අත්තනායක සහ රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය පිටවර ගන්නා බව ජාතික ජන බලවේගය නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගය විසින් ඊයේ (21) පස්වරුවේ අකුරණ පැවත්වූ රැලියට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පසුගියදා සමගි ජන බලවේගයේ කුරුණෑගල රැලියේදී චරිත හේරත් විසින් මාලිමාවේ ආණ්ඩුවක් යටතේ කුරුණෑගල ඇත්කඳ විහාරයේ පෙරහැර නවත්වනු ඇති බවට කළ ප්‍රකාශයත්, තිස්ස අත්තනායක විසින් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ දළඳා පෙරහැර නවත්වනු ඇති බවට සිදුකළ ප්‍රකාශයත්, රවුෆ් හකීම් මන්ත්‍රීවරයා විසින් අනුර දිසානායක සිදුකළ ප්‍රකාශයක් බවට උපුටා දක්වමින් සිදුකළ ජාතිවාදය මුස්ලිම් මව් කුසයේ ඉපදුනා යැයි කියන ප්‍රකාශයත් වහාම ඉල්ලා අස් කරගත යුතු බවට එහිදී වැඩිදුරටත් පැවසීය.

එම ප්‍රකාශ ඉල්ලා අස්කර නොගතහොත් ඉක්මනින්ම එම තිදෙනාවම අධිකරණයට කැඳවන බවයි ඔහු එහිදී අවධාරණය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here