8 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනෙක් රවටා බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනා මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි අවස්ථාවේදී සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පෙම්වතෙක් ඔවුන්ව රවටා වෑන් රථයක දමාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පෙම්වතා මොවුන් දෙදෙනාව නිවසකට රැගෙන ගිය අවස්ථාවේදී එම නිවැසියන් දැරියන්ගේ වයස අසා එම නිවසේ නවතා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එම නිස සැකකාර පෙම්වතා දැරියන් දෙදෙනාව මිහින්තලයේ හෝටල් කාමරයකට රැගෙන ගොස් තිබෙනවා.

අනතුරුව පෙම්වතා දැරියන් දෙදෙනා එකම කාමරයේ දින දෙකක් රඳවා ගෙන සිට ඇති අතර පෙම්වතාගේ යහළුවෙකු ද එම කාමරයට පැමිණ ඇති බව අනාවරණය වූ බවයි පොලීසිය පවසන්නේ.

එහිදී එක් සිසුවියක⁣ට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර අනෙක් සිසුවිය අපහරණය කර අතවරයට ලක් කර ඇති බව සඳහන්.

පාසල් යන බව නිවැසියන්ට පවසා එම සිසුවියන් දෙදෙනා කහටගස්දිගිලිය පොදු වැසිකිලියට පැමිණ, පොත් බෑගයේ සඟවා ගෙන ආ පාට ඇදුම් ඇඳ මිහින්තලය වැඳ පුදා ගෙන කටු සෑයට ගොස් බාරයක් වී නිවසට යෑමට මිහින්තලේ බස් නැවතුම්පලට පැමිණි අවස්ථාවේදී එම සිද්ධියට මුහුණ පෑ බව එම දැරියන් ප්‍රකාශ කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, සීප්පුකුලම කුකුලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු සහ සිවලාකුලම සමාධිගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here