සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට මැන්චෙස්ටර්හීදී පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

තරගය තේ පානය සඳහා නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු අටක් දැවී ලකුණු 178ක් රැස් කර ගැනීමට සමත්ව සිටියා.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබීමට සමත් වූ නායක ධනංජය සිල්වා පන්දු 84කින් ලකුණු 74ක් රැස් කළේය.

ඔහු හැරුණු විට අනෙක් කිසිඳු ජේයෂ්ඨ ක්‍රීඩකයෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යෑමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ.

ඔවුනටද ආදර්ශයක් ගෙන දෙමින් අද තරගයේදී ටෙස්ට් වරම් දිනා ගත් මිලාන් රත්නායක සටන්කාමී ඉනිමක් දියත් කරමින් තේ පානය සඳහා තරගය නතර කරන විට නොදැවී ලකුණු 32ක් ලබා ගැනීමට සමත්ව සිටියේය.

මෙම තරගයේදී ලකුණු 17කට දැවී ගිය දිනේෂ් චන්දිමාල් සුවිශේෂී කඩයිමක් පසු කළ අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කර ඇති පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 8 වෙනි ස්ථානයට පත්වීමට අද සමත් වුණා.

ඔහු මේ වන විට රැස් කරගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 5496කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here