අසල්වැසි රට වන ඉන්දියාවේ බස් රථයකදී මවක් තම බිළිඳා ප්‍රසූත කළ පුවතක් විදෙස් පුවත් සේවය වාර්තා කරනවා.

මෙම අනපේක්ෂිත සිදුවීම වාර්තාවුණේ ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයෙන්.

සන්ධ්‍යා නම් මෙම කාන්තාව රාක්ෂා බන්ධන් උත්සවය සැමරීමට යමින් සිටින අතරතුරදීයි පෙරේදා(19) මෙම සිදුවීමට මුහුණ දී තිබෙන්නේ.

ඒ අනුව ඇයට බිළිඳා ප්‍රසූත කිරීමට බසයේ කොන්දොස්තරවරිය සහ හෙදියක වහා ක්‍රියාත්මක වී සහය දැක්වූ බව වාර්තා වනවා.

අනපේක්ෂිතව එහෙත් සාර්ථකව සිදු වූ මෙම දරු ප්‍රසූතියෙන් පසු මව සහ බිළිඳා අදාළ බස් රථයෙන්ම වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල වෙත ආරක්ෂිතව රැගෙන ගිය බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

ඒසේම මවත් බිළිඳාත් සුරක්ෂිත බව වැඩිදුරටත් වාර්තාවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here