පාසල් සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් ඇත්තේ, කල්පිටිය – කන්දකුලිය වැල්ල රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක් බවයි වාර්තා වන්නේ.

පිට පළාතක පාසලක ඉගෙනුම ලබන බව කියන සිසුවා නිවාඩුවට නිවසට පැමිණි අවස්ථාවක මෙම අපයෝජනය සිදුකර ඇති බවට වාර්තා වනවා.

මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ, 14 හැවිරිදි ශිෂ්‍යකු බවත් ඔහු මාස දෙකකට පෙර සිදුවීමට මුහුණ පා ඇති බව පොලිසිය පවසනවා.

සැකකාර කාන්තාව අපයෝජනයට ලක් වූ සිසුවාගේ ඥාතියෙකු බවට හඳුනාගෙන ඇති බවද පොලිසිය පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here