එම්පොක්ස් හෙවත් මංකිපොක්ස් ආසාදිතයින්ගේ වැඩිවීමක් වාර්තා වේ යැයි පාකිස්තානය බියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම බිය හේතුවෙන් පාකිස්තානය පුරා පූර්ව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට බලධාරීන් දැනුම්දී ඇති අතර ඒ අනුව පාකිස්තානයේ දේශසීමා, සෞඛ්‍ය සේවා, ගුවන්තොටුපොළ ඇතුළු සියලුම පිවිසුම් ස්ථානවල පූර්ව ආරක්ෂාව තීව්‍ර කිරීමට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

මංකිපොක්ස් රෝග ලක්ෂණ යැයි සැක සහිත පුද්ගලයන් රටට ඇතුළුවන අවස්ථාවේදී දැඩිව පරීක්ෂා කිරීම සිදුකෙරෙන බවද වාර්තා වන අතර මංකිපොක්ස් රෝගියෙකු එරටින් හමුවීමත් සමග මෙම පියවර අනුගමනය කිරීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here