වැල්ලවාය ප්‍රදේශයේදී අතුරුදන් වූ බව කී 15 හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනා මැදිරිගිරිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැදිරිගිරිය ප්‍රදේශයේ සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටියදී මැදිරිගිරිය පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ.

එම ශිෂ්‍යාවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසියට දැනුම් දී තිබෙනවා.

සැකකාර ශිෂ්‍යාවන්ගෙන් ප්‍රශ්න කොට හඳුනාගත් තොරතුරු අනූව ඔවුන් පිළිබඳව වැල්ලවාය පොලිසියට දන්වා තිබෙනවා.

වැලවයි පොලිසිය විසින් ඒ බව ශිෂ්‍යාවන්ගේ නිවැසියන්ට දැනුම්දීමෙන් අනතුරුව දරුවන් රැගෙන ඒම සඳහා ඔවුන් පිටත්ව ගොස් තිබේ.

එම ශිෂ්‍යාවන් දෙදෙනා අද දින වැල්ලවාය පොලිසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here