
ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 102ක් භාවිත කරමින් ස්වර්ණාභරණ අලෙවිසැලකින් රන් මාලයක් මිලදී ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු රත්නපුර නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු බදුල්ල, සොනාතොට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයකු බවට පොලිසිය හඳුනාගෙන ඇත.
ඔහු රුපියල් 5000 නෝට්ටු මිටියක් මේසය මත තබා ඇති අතර එම මුදල් නෝට්ටු ව්‍යාජ ඒවා බව හඳුනාගත් වෙළෙඳසල් හිමියා පොලිසියට සිදු කළ දැනුම්දීමට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සතුව තිබූ මුද්‍රණ යන්ත්‍රයක් භාවිත කරමින් නිවසේ දී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව පසුව අනාවරණය වී ඇත.
රත්නපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.








