පසුගියදා බටහිර බෙංගාලයේ කොල්කටා නගරයේදී වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් ඉන්දියාවේ වෛද්‍යවරුන් රට පුරා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සහ හදිසි අනතුරු සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේ.

ඒ අනුව, අත්‍යවශ්‍ය නොවන සියලු‍ම රෝහල් සේවා කටයුතු අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය 09 වනදා 31 හැවිරිදි මෙම වෛද්‍යවරිය රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවක විවේක ගනිමින් සිටියදී ඝාතනයට ලක්ව තිබුණා.

ඝාතනය කෙරුණු වෛද්‍යවරියාගේ මළ සිරුරු සොයාගෙන තිබුණේ පසුගිය 9 වැනිදා ආර්.ජී.කාර් වෛද්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවක් තුළ තිබියදීය.

ඊට පෙර දින රාත්‍රියේ දී ඇයව දූෂණය කර මරා දමා ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here