වාහල්කඩ පොලිස් බල ප්‍රදේශයට අයත් වැලිවැව දී යතුරුපැදියක් මී ගවයකුගේ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව වාහල්කඩ පොලිසිය පවසනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කහටගොල්ලෑව ,කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි 23 හැවිරිදි විවාහක තරුණයෙකි.

අනතුර සිදුවූ අවස්ථාවේදී අසල්වාසීන් එක්ව තුවාලකරු වවුනියාව මහ රෝහලට ඇතුළත් කළ අතර, එහිදී ඔහු මියගිය බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පදවිය නගරයේ සිට කහටගොල්ලෑව තම නිවස කරා පැමිණෙමින් සිටියදී, වැලි වැව ප්‍රදේශයේදී පාර හරහා පනින ලද මී ගවයෙකුගේ යතුරුපැදිය ගැටී ඇති බවත්, මී ගවයා එම ස්ථානයේම මියගොස් සිටි බව වාහල්කඩ පොලිසිය සඳහන් පවසනවා.

වාහල්කඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ අනතුරින් මිය ගිය තරුණයාගේ බිරිඳ මෙන්ම මියගිය මී ගව දෙනද ගැබිනියන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here