ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන නීති විරෝධී කටවුට් පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි ඉවත් කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් ඊයේ (16 )සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, නීති විරෝධී අන්දමින් ඉදිකරන කටවුට්, පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි දීපව්‍යාප්ත අන්දමින් ඉවත් කිරීමේ කටයුතු සඳහා කම්කරුවන් 1500කට අධික පිරිසක් පොලිස් ස්ථාන මට්ටමින් බඳවා ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

මූලස්ථාන පොලිසියකට කම්කරුවන් සිව්දෙනකුද එක් පොලිස් ස්ථානයකට කම්කරුවන් තිදෙනකුද අනෙකුත් සියලුම පොලිස් ස්ථානවලට කම්කරුවන් දෙදෙනා බැගින්ද බඳවාගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙසේ බඳවා ගන්නා එක් කම්කරුවකුට රුපියල් 1500ක දෛනික දීමනාවක් ලබාදෙන අතර ඔවුන් අදාළ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග ගොස් පොලිස් බලප්‍රදේශයේ ඇති සියලු නීති විරෝධී කටවුට්, බැනර්, පෝස්ටර්, සැරසිලි ඉවත් කිරීමට නියමිතයි.

මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පවසා ඇත්තේ, මෙම කටයුත්ත අපක්ෂපාතී අන්දමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here