චමරි අතපත්තුගෙන් පසුව කාන්තා එක්දින ක්‍රිකට් තරගයක දී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට විශ්මි ගුණරත්න පත් වී තිබෙනවා.

ඒ, අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ අද(16) පැවති එක්දින තරගයේදීයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 198ක් ලබා සිටියා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න පන්දු 98 කදී ලකුණු 101ක් ලබා ගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here