එම් පොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වන විටත් අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල පැතිර යන එම් පොක්ස් පළමුව හඳුනා ගැණුනේ කොංගෝ ජනරජයෙන්.

කොංගෝ හි එම රෝගය වැළඳී දී පුද්ගලයින් 450 ක් පමණ ජීවිතක්ෂයට පත්විය. ආසාදිත වූ ගණන 14,000කට ආසන්නය.

මේ වනවිට මෙම රෝගය බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කෙන්යාව සහ රුවන්ඩාව වැනි රටවලින් වාර්තා වී තිබේ.

එම් පොක්ස් පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වන අතර, ස්පර්ශය, ලිංගික ක්‍රියාකාරකම්, මෙන්ම වෙනත් පුද්ගලයෙකුට සමීපව කතා කිරීම හෝ ආශ්වාස කිරීම වැනි සමීප සම්බන්ධතා මගින් එය බෝ විය හැකි බව විද්‍යාඥයින් පවසනවා.

එහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම, සමෙහි තුවාල මතුවීම ලෙස දැක්වෙයි. සෑම ආසාදිතයින් 100කින් 4 දෙනෙක් පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here