ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ජය පැතීම වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ (14) පස්වරුවේ භික්ෂූන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණු ජය පිරිතක් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් නතර කර තිබෙන බව ලංකාදිප පුවත්පත වාර්තා කරනවා.

මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී ඇත්තේ එක් අපේක්ෂකයකු පමණක් ප්‍රවර්ධනය වන ආකාරයට පොදු ස්ථානයක මෙවැනි ආකාරයේ ආගමික කටයුත්තක් පැවැත්වීම මැතිවරණ නීතියට පටහැනි බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් පොදු ස්ථානයක මෙවැනි දෙයක් සංවිධානය කිරීම ගැටලුවක් නොවන බවට කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කමිසමේ දැනුම්දීම පරිදි සංවිධායකයන් විසින් එය නතර කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසා තිබෙන්නේ මේ පිළිබඳව දැනගත් පසුව කොමිසම කළ දැනුම් දීමකින් සංවිධායකයන් එම ජය පිරිත නැවැත්වීමට එකඟ වූ බවයි.

ඒ අනුව එම ජය පිරිත පන්සලක හෝ වෙනත් ආගමික ස්ථානයක පවත්වන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here