
තායිවාන වෙරළට ආසන්න පිලිපීන මුහුදේ අද (15) රික්ටර් මාපකයේ 5.7ක ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
අදාළ භූ කම්පනය හේතුවෙන් මේ වන තෙක් සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මේ හේතුවෙන් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් ද මේ වන තෙක් වාර්තා වී නැහැ.









