දිවුලපිටය – මීගමුව මාර්ගයේ දූනගහ නගරයේ දී ටිපර් රථයක් සහ ත්‍රීරෝද රියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු මියගොස් තවත් එක් අයකු තුවාල ලබා ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.

ගොඩිගමුව ප්‍රදේශයේ සිට දූනගහ දෙසට ධාවනය වූ ත්‍රිරොද රිය දිවුලපිටියේ සිට මීගමුව දෙසට ධාවනය වූ ටිපර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ එහි සිවු දෙනකු ගමන් කර ඇත. සිද්ධිය වූ ස්ථානයේ එක් අයකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා රෝහලට රැගෙන යද්දී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here