මනූෂ නානායක්කාර මහතා ඉවත් වීමෙන් පසු හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමඟි ජන බලවේගයේ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම ගැසට් කර තිබෙනවා.

ඒ අනුව, සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්වූ බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇති.

මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග ඔවුන්ට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here