ගත වූ පැය 24 තුළ අවුරුදු 16ට අඩු දැරියන් 11ක් දූෂණය කරලා!
ගත වූ පැය 24 තුළ අවුරුදු 16ට අඩු දැරියන් 11ක් දූෂණය කරලා!

ගත වූ පැය විසිහතරක කාලය තුළ වයස අවුරුදු 16ට අඩු දරු දැරියන් එකොළොස් දෙනකු විවිධ පුද්ගලයන් අතින් අපයෝජනයට හා දූෂණයට ලක්ව ඇති බව පොලිස් මූලස්ථානයට වාර්තා වී ඇතැයි පැවසේ.

එම සිද්ධීන් වලට අදාළව සැකකරුවන් පස්දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මින් එක් සැකකරුවකු වූ පනස් දෙහැවිරිදි ගොවියකු අත්අඩංගුවට ගෙන ඇත්තේ කපුගොල්ලෑව පොලිස් වසමේ පදිංචි දහතුන් හැවිරිදි දරුවන් තිදෙනකු වසරක පටන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ වරදටය.

සැකකරු මෙම දරුවන්ගේ පවුලේ ඥාතියකු බව පොලිසිය පවසයි.

අනෙක් සිදුවීම් කඹුරුපිටිය, හුංගම, වැලිගම, කතරගම, නෙල්ලිඅඩි, හුංගමුව, කලවාන හා මාතර යන පොලිස් ස්ථානවලින් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here