ජනතාවට සහනයක්! ආදායම් බදු සංශෝධනයට රජය සැරසෙයි!
ජනතාවට සහනයක්! ආදායම් බදු සංශෝධනයට රජය සැරසෙයි!

පුද්ගල ආදායම් බදු මට්ටම රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් හත්ලක්ෂ විසිදහස දක්වා සංශෝධනය කිරීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා කර තිබෙනවා.

පසුගිය සමයේ සිදු කරන ලද බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් අදාළ යෝජනාව සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙම වසරේ බදු අදායම පෙන්නුම් කරන ලද ශක්තිමත් කාර්ය සාධනය හේතුවෙන් අදාල යෝජනාව සිදු කර තිබෙනවා.

එම යෝජනාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සංශෝධන ඉදිරිපත් කර ඇති අතර පහළ බදු මට්ටම්වලට අයත් පිරිස සඳහා වැඩි සහනයක් ලබා දීම, මෙන්ම මධ්‍යම මට්ටමට ද ඒ හා සමාන සහන සලසමින්, ඉහළ ආදායම් ලබන්නන් සඳහා තරමක් අඩු සහන ලබාදීමද එම සංශෝධන සදහා ඇතුළත් බව සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here