ඇන්තනී පවුලේ එකම දියණිය වන මාධවී ඇන්තනී සිය උපන්දිනය පසුගියදා සමරා තිබුණා.

නමුත් ඇයගේ මෙවර උපන්දිනය නම් වෙනදාට වඩා සුවිශේෂී උපන්දිනයක්.

ඒ සුබ ආරංචිය මාධවී සහ කසුන් මෙන්න මේ විදිහයයි ඔවුන්ට ආදරය කරන පිරිසට කියලා තිබුණේ..

කොහොමද කියලා බලන්නකෝ ඒ දෙන්නාගේ සතුට.. වචනයෙන් විස්තර කරන්න අමාරු වුණත් මෙන්න මේ විදිහට මාධවී ඒ ආදරය වචන කරලා තිබුණා..

උපන්දින ආරංචිය
බෝනිකි සුරතල් කාලෙ ඉඳන් ඉස්සර
මල්වර නැකතින් අවසර ලත් දා සිට
දහසක් බාදා ආවත් නොගෙන කමකට,
පෙරුම්පුරාගෙන රැකගත්ත…
පිළිගත්ත…
කල් රැක්ක…
සුදුම හීනෙට අනේ පණ ඇවිත්…
මයෙ කුස පිණෙන් පිරුණා!
පත්තිනි අම්මගෙ පිහිටෙන් කිරිඅම්මලා කැන්දන්න,
දේව මෑණිගෙ අනුහසින් ජේසු බබා වගෙ තුරුලට ගන්න,
ඉඳිකටු තුඩින් කිරි සුවඳට පුංචි ගවුමක මල් අඳින්න,
හුස්ම ටික හරි පුදා රැකගන්න මටත් අවසර දී ඇවිත්!
කසුන් කුමරු වරමින්
“අප්පච්චි දෙවි” පිහිටෙන්
හෙට මව් රැජිනක් වී
ආදරේ පණ ගැහෙන සාක්කියට
ආඩම්බරෙන් දිවි දෙන්න…
සියළු දෙවියෝ රැකගනීවා!
සුවය සවි බල දිරි ගෙනේවා!
හිත් නිවී සතුටින් පිරේවා!
ආවඩා ආයුබෝ වේවා!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here