
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන් තේ වලට ඉගුරු එක් කිරීමට පෙළඹෙනවා.
ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත ඉගුරු සහ තේ වලට ඉගුරු වැඩියෙන් දමා සීනි අඩුවෙන් දැමීමෙන් තේ වල රසය මෙන්ම ගුණයත් තීව්‍ර වෙනවා.
ඒ වගේම මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉගුරු දැමු තේ නොබිය යුතු බවට මතයක් තියෙනවා.

එහි ඇත්ත නැත්ත අපි සොයා බලමු.
මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉගුරු දැමු තේ බොන්න එපා කියල අප අසා ඇත. මේකට හේතුවක් තියෙනවා. මඤ්ඤොක්කා සහ ඉගුරු වල ඇති රසායනිකයන් එකිනෙකට ප්‍රතික්‍රියා කරමින් විස සහිත රසායනිකයක් තනන නිසා තමයි මඤ්ඤොක්කා කෑමෙන් පස්සේ ඉගුරු සහිත කිනම් හෝ ආහාරයක්වත් ගන්න එපා කියන්නේ. එම විස සහිත රසායනිකය මගින් සිරුරට අහිත කර අසාත්මිකතා ඇති කරනවා. වර්තමානයේ වෙළඳපොළට එන මඤ්ඤොක්කා වල සයනයිඩ් ප්‍රතිශතය අඩු බව විශේෂඥයන් තහවුරු කර ඇති අතර කෙසේ නමුත් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසුව ඉගුරු තේ නොබිමට වග බලා ගන්න. ඒ අසාත්මිකතා ඇති වීමට ඉඩකඩ ඇතිවන බැවිනි. (උපුටාගැනීමකි)








