රේගුව නිෂ්කාශනය නොකළ මෝටර් රථයක් ලියාපදිංචි කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වන විට වැඩ තහනමට ලක්ව ඇති රඹුක්කන ප්‍රදේශයේ පදිංචි මොහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේ සේවය කළ නිළධාරියෙක්.

පසුව සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ ඇප මත මුදා හැරුණා.

එහිදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටයි නියෝග කර ඇත්තේ.

source :- https://tinyurl.com/5n6k4d86

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here