තණමල්විල ජාතික පාසලේ 11 ශ්‍රේණියේ සිසුවිය සමූහ අපයෝජනයට ලක් කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් තුන්දෙනෙකු සහ අධාර අනුබල දුන් කාන්තාව ලබන මස 02 වැනිද‍ා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා අද(22) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල පරිවාස මධ්‍යස්ථානයේ රදවා සිටින බාල වයස්කාර සිසුන් 14 දෙනාද අද අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔවුන්ව තවදුරටත් පරිවාසභාරයේ තබන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

සිද්ධිය වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර සිටින විද්‍යාලයේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පති වරයා හා ගුරුවරියන් දෙදෙනෙකු ද අද අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන්ට යළි 2 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළා.

මේ අතර අද වැල්ලවාය නගරයේ නිහඬ විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණි.

කාන්තා සංවිධාන කිහිපයක් ඒ සඳහා මූලිකත්වය ගෙන තිබූ බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here