
මීගහවත්ත පොලිස් වසමේ නව නුවර මාර්ගයේ දරණාගම වංගුව අසලදී වැලිවේරිය දෙස සිට බියගම දෙසට ධාවනය වූ යතුරු පැදියක්, ඉදිරියෙන් ගමන් ගත් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ඊයේ (30) රාත්රී කාලයේ දී ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමේදීයි මිය ගොස් ඇත්තේ.
එම යතුරු පැදියේ ගමන් කළ පසුපැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා රාගම රෝහලට මාරුකර යවා තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 15ක් වූ උඩුපිල, දෙල්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගායේ තැන්පත් කර ඇති අතර, අනතුරට අදාළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
source :- https://tinyurl.com/2p8c6tmj







