
බදුරලිය පොලිස් වසමේ සීලදොල ප්රදේශයේදී ඊයේ (29) රාත්රී කාලයේ දී පුද්ගලයින් දෙදෙනෙකු විසින් අඹු සැමි යුවලකට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.
බරපතල තුවාල ලැබූ ඔවුන් බදුරලිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එසේ ඇතුළත් කිරීමේදී තුවාලකරු මිය ගොස් ඇති බව බදුරලිය පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 32 ක් වූ බදුරුගල්ල වත්ත, බදුරලිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු විසින් පුද්ගලික අමනාපයක් මත බිරිඳගේ පියාට බැන වදිමින් සිටින අවස්ථාවේදී බිරිඳගේ පියා සහ සහෝදරයා එම ස්ථානයට පැමිණ පොල්ලකින් හා තියුණු ආයුධයකින් අඹු සැමි යුවලට පහරදී ඇති බවටයි සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අවුරුදු 36 හා 72 යන වයස්වල පසුවන මොරපටිය ප්රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
source :- https://tinyurl.com/2a3s2akd







