ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිදියාව බිඳ හෙලන ආකාරයේ දේශන පැවැත්වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර ඇති ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් යන දේවගැතිවරයාගේ විදේශ ගමන් තහනම තාවකාලික ඉවත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ප්‍රතික්ෂේප කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන නිලධාරීන් අධිකරණය හමුවේ නොමැති බැවින් එම ඉල්ලීම නඩුව කැදවීමට නියමිත ලබන පෙබරවාරි මස 12 වැනිදා සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියා.

අමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක වීසා අවලංගු වී ඇති බැවින් වීසා අලුත් කිරීමට එම විදේශ රටවලට යා යුතු බව කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල මේ ඉල්ලීම සිදු කළා.

source :- https://tinyurl.com/mvsd4ku8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here