ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතියකින් තොර ජංගම දුරකථන භාවිතය වළක්වාලීමේ අරමුණින් ඒවා සෙවීම සඳහා ස්වංක්‍රීය නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් පවසනවා.

ඒ අනුව සභාපතිවරයා මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කිසිදු ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ අනවසර ජංගම දුරකථන හේතුවෙන් සිදු වන අනීතික ක්‍රියා හේතුවෙන් බව පවසන එම කොමිසමේ සභාපතිවරයා සඳහන් කරන්නේ, “අනවසර ජංගම දුරකථන මගින් සිදුකරන සමාජ විරෝධී වැඩ අවම කිරීම, ජංගම දුරකථන මගින් අයථා ගනුදෙනු කරන පුද්ගලයන් හඳුනාගැනීම තවදුරටත් ශක්තිමත් කිරීම ද මින් අපේක්ෂා කරනවා. ඒ අනුව ඉදිරියේ දී නීත්‍යානුකූල ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ බහුලවීම තුළින් මිල ගණන් පහළ යෑමක් සිදුවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.” යනුවෙන්.

source :- https://tinyurl.com/yc2m6vzt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here