අමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්වීමට යළි සිතා බලන බව අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, බිලියන 1.4ක ජනගහනයක් වෙසෙන චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්ෂිකව ලබාදෙන්නේ අමෙරිකා ඩොලර් මිලියන 39ක් බවත් මිලියන 325ක ජනගහනයක් වෙසෙන එක්සත් ජනපදය වාර්ෂිකව මිලියන 500ක් ගෙවීම අසාධාරණ බවයි.

එහිදී අදහස් දැක්වූ ජනපතිවරයා සඳහන් කළේ, “අපි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වුණා. අපි වාර්ෂිකව ඔවුන්ට අ.ඩො.මි. 500ක මුදලක් ගෙවනවා. නමුත් චීනය ගෙවන්නේ වාර්ෂිකව අ.ඩො.මි. 39ක මුදලක්. චීනය ඩොලර් මිලියන 39ක මුදලක් ගෙවන්නේ බිලියන 1.4ක ජනතාවක් වෙනුවෙන්. ඔවුන් මට මිලියන 39ක මුදලක් ඉදිරිපත් කළා. ඒ නිසා අපි අ.ඩො.මි. 500ක මුදල මිලියන 39ක් දක්වා අඩු කළා. නමුත් ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් ලැබේවි ද කියලා මම දන්නේ නැහැ. චීනය බිලියන 1.4ට මිලියන 39ක් ගෙවනවා. අපි මිලියන 325කට මිලියන 500ක් ගෙවනවා. මම දන්නේ නැහැ මේ මිනිස්සුන්ට මොනවා වෙලා ද කියලා?”

source :- https://tinyurl.com/yjh94ca8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here