නව ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව පවත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළමු නිලවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම ඊයේ (23) අවසන් වුණා.

එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා ඇතුළුව සිව් දෙනෙකු අදාළ සභාපති ධුරය සඳහා නාමයෝජනා ලබා දී තිබුණා.

ඒ අනුව ශම්මි සිල්වා සීසීසී ක්‍රීඩා සමාජයෙන් ද, එස්එස්සී ක්‍රීඩා සමාජයෙන් සමන්ත දොඩංවල, සැරසන්ස් ක්‍රීඩා සමාජයෙන් ජයන්ත ධර්මදාස සහ ගාල්ල ක්‍රිකට් සමාජයෙන් දිලීප චාල්ස් යන අය නාම යෝජනා බාර දී තිබුණා.

කෙසේ නමුත් ගාල්ල ක්‍රිකට් සමාජයේ දිලීප චාල්ස්ගේ නාම යෝජනාව, නාම යෝජනා පත්‍රවල තිබූ දෝෂයක් හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරි වසර දෙකක කාල සීමාව සඳහා නිලධාරීන් තෝරාපත් කරගැනීමට පැවැත්වෙන නිලවරණය සඳහා නාම යෝජනා භාරගැනීම පෙරේදා (22) අවසන් වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය එළැඹෙන මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරය සඳහා තරගවැදීමට නාමයෝජනා භාරදී තිබූ එක් පුද්ගලයෙකුගේ නාමයෝජනාවක් මේ වනවිට ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් තනතුරට වත්මන් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්තට අමතරව සමන්ත දොඩංවල සහ බන්දුල දිසානායක යන අය නාමයෝජනා බාර දී තිබෙනවා.

මෙලෙස බාර දුන් නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා හෙට (25) පෙ.ව. 9 සිට පෙ.ව. 11 දක්වා කාලය තුළදී ගොනු කිරීමට හැකියාව පවතිනවා.

source :- https://tinyurl.com/2s3k59dw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here