
රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා තල්මසුන්ගේ අම්බර් කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු යාපනය පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු වන අතර, ඔහු වෘත්තියෙන් ධීවරයෙක්.
ඔහු සිය නිවසේ මෙම අම්බර් තොගය සඟවා තබාගෙන සිට ඇති අතර, මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට සූදානමින් සිටියදී පොලිසියට ලබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

source :- https://tinyurl.com/5yre3ure







