යාපනයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (19) පස්වරුවේ හමාගිය සුළි සුළඟක් හේතුවෙන් නිවාස 49කට හානි සිදුව ඇති බව අප වාර්තාකරු පවසනවා.

ඒ හේතුවෙන් පුද්ගලයින් 248 දෙනෙකුට ආපදාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම සුළි සුළඟෙන් ගුරුනගර් ප්‍රදේශයේ දේවස්ථානයකට සහ කොලුම්පුතුරේ ප්‍රදේශයේ කෝවිලකටද දැඩි හානි සිදුව තිබෙනවා.

බොහෝ නිවාසවල හා ගොඩනැගිලිවල වහල එම සුළි සුළඟෙන් ගසාගෙන ගොස් ඇති බවත්, තවත් ස්ථාන කීපයක නිවාස මතට ගස් කඩා වැටීම නිසා නිවාස කිහිපයකටද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම සුළි සුළඟින් විපතට පත් වූවන්ට සහන සැලසිමට ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන යාපනය කාර්යාලය හා ප්‍රදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/yc5eydsp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here