
වී සදහා කඩිනමින් සහතික මිලක් නියම කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා.
හම්බන්තොට – පන්නේගමුව ප්‍රදේශයේ සතොස වී ගබඩාව සහ මෝල ඊයේ නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, වී ගබඩා පිළිසකර කිරීමට ආරක්ෂක අංශයේ සහයෝගය ලබා ගැනීමට තීරණය කර ඇති බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
මෙම සාකච්ඡාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ත ද එක්ව සිටියා.
මේ අතර, 2015 වසරේ ලෝක බැංකු ආධාර යටතේ මුදල් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක අනුරාධපුර – ගලෙන්බිඳුණුවැව උපුල්දෙනිය ධාන්‍ය ගබඩා වෙනත් කටයුත්තක් සඳහා යොදා ගැනීමට පවතින සුදානමක් පිළිබඳව ගොවීන් මැසිවිලි නගනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙහි සහල් මෙට්‍රික් ටොන් 5000ක් පමණ ගබඩා කිරීමට පහසුකම් පවතින බවයි.
source :- https://tinyurl.com/2zuzckfp







