මෙම වසරේ මුල් මාස 06 සඳහා බලාත්මක වන විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

විදුලි බල මණ්ඩලය සිය ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය දෙසැම්බර් 06 වැනිදා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබූ අතර, එහි දක්වා තිබුණේ පවතින ගාස්තුව සංශෝධනය නොකර ඉදිරි මාස 6ක කාලය සඳහා ද පවත්වාගෙන යා යුතු බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ විදුලි ගාස්තුව සියයට 10ත්, 20ත් අතර පරාසයකින් පහළ දැමීමේ හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කළා.

ඊට අදාළව පසුගිය දිනවල ඔවුන් දිවයින පුරා පළාත් මට්ටමින් මහජන අදහස් ද ලබා ගැනීමටයි කටයුතු කළේ.

ඒ අනුව, විදුලි ගාස්තු සංශෝධනය පිළිබද තීරණය දැනුම් දීම සදහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද පස්වරු 02ට කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැදවා තිබෙනවා.

මේ අතර, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ අද දිනයේ විදුලි බිල සියයට 30ත් 33ත් අතර අගයකින් අඩු නොකළහොත් ඊට එරෙහිව ගතහැකි සියලු‍ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

source :- https://tinyurl.com/49u5wb9w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here