ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් අද (15) පස්වරුවේ සොයාගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.

තලවකැලේ තානායමට යාබදව ගලා බසින ඉහල කොත්මලේ ජලාශයේ පුද්ගල මල සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් ලබාදුන් තොරතුරක් මත පොලිසිය විසින් සිරුර සොයගෙන ඇති අතර, සිරුර ජලයේ ගසාගෙන යාම වැලැක්විම සදහා ලණුවක් ගැට ගසා ඇති බව සඳහන්.

අවු 50 ක් පමණ වයසැති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, සිරුර ජලාශයේ ගසාගෙන පැමිණි මළ සිරුරක්ද යන්න පිලිබදව තලවකැලේ පොලිසිය විමර්ෂණ ආරම්භ කර තිබෙනවා,

source :- https://tinyurl.com/37vu9n2w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here