වාහන සඳහා වන නව බදු ප්‍රතිශත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග වාහන වෙළඳපොළේ මේ වනවිට කැපී පෙනෙන බිඳ වැටීමක් පෙන්නුම් කරන බව වාහන අලෙවිකරුවන් පවසනවා.

වසර 05ක් පුරා අත්හිටුවා තිබූ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට අවස්ථාව දෙමින්, පෙබරවාරි මාසයේ සිට ආනයනය කෙරෙන සියලු‍ වාහන සඳහා වන බදු ප්‍රතිශත රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත්කළා.

මේ අතර, මෙරට බැංකු ණය සඳහා පොළී අනුපාතිකය පහළ අගයක පවතින මොහොතක නියාමනයක් නොමැතිව වාහන ආනයනය කළහොත් යළි විදේශ විනිමය අර්බුදයක් ඇති විය හැකි බව, ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට භාණ්ඩ ගිනුමේ ශේෂය ධන අගයක පවත්වා ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි.

වසර 05ක් පුරා අත්හිටුවා තිබූ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට අවස්ථාව දෙමින්, පෙබරවාරි මාසයේ සිට ආනයනය කෙරෙන සියලුම වාහන සඳහා වන බදු ප්‍රතිශත රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් පසුගිය දා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල කියා සිටියේ වාහන ආනයනය නිසි පරිදි නියාමනයකට ලක් නොවුවහොත් යළිත් මෙරට විදේශ විනිමය අර්බුදයක් ඇති විය හැකි බවයි.

source :- https://tinyurl.com/3pzc78sk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here