අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 500 ක් සහ හෙරොයින් ග්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු කඩුවෙල – කොරතොට, වැලිහිද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නවගමුව පොලිසියට ලද තොරතුරකට අනුවයි.

සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 04 කට අධික බවටයි වාර්තා වන්නේ.

ලොක්කා නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු විසින් ඔහුට මෙම මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

source :- https://tinyurl.com/mr24m5tb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here