
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වැනි එක්දින තරගය මේ වනවිට පැවැත්වෙනවා.
ඒ අනුව, කාසිය වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කර ගත්තා.

එහිදී පැතුම් නිස්සංක (66), කුසල් මෙන්ඩිස් (54) සහ ජනිත් ලියනගේ (53) අර්ධ ශතක රැස්කිරීමට සමත් වුණා.
අද තරගය නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදියි පැවැත්වෙන්නේ.
source :- https://tinyurl.com/uubssw49








